කපිල වස්තු සර්වඥධාතූන් වහන්සේලා

දඹදිව වන්දනා චාරිකාවේ යෙදෙන බැතිමතුන් දිල්ලි කෞතුකාගාරයේ වැඩ සිටින කපිලවස්තු සර්වඥධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට අමතක නොකරති. තායිලන්ත රජය විසින් පරිත්‍යාග කළ අලංකාරවත්, මහල් කිහිපයකින් යුතු රන් ආලේපිත කරඩුවක වැඩ සිටින ධාතූන් වහන්සේලා උදෙසා පූජෝපහාර සහිතව සිදු කරනු ලබන පූජාව බෞද්ධ බැතිමතුන්ගේ මහත්වූ චිත්ත ප්‍රසාදයට ලක් වන්නකි.
කපිල වස්තුපුර ශාක්‍ය ජනපදයේ ඉදි කළ චෛත්‍යයක නිදන් කර තිබූ පිපිරහවා නම් වූ මෙම ධාතූන් මංජුසාව පසු කාලයේ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් කනිංහැම් තුමන් විසින් තම පුරාවිද්‍යා කැධෑම් තුළින් සොයාගන්නා ලදී. ශ්‍රී සම්බුද්ධ දේහය ආදාහනය කිරීමෙන් පසුව සිදුකළ ධාතූ පිරිනැමීමේදී ශාක්යන්හට හිමිවූ ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා මෙසේ ශාක්‍ය ජනපදයේ තැන්පත් කරන ලදී. වර්ථමානයේ දිල්ලි කෞතුකාරයේ වැඩසිටින මෙම සර්වඥධාතූන් වහන්සේලා, අපගේ බෞද්ධ බැතිමතුන්ට පූෂ්පෝපහාරයන් සහිතව ගාථා සජ්ජායනා කර සිත්සේ වන්දනා කර ගැනීමේ භාග්‍ය හිමිවේ. සැබවින්ම එය බැතිමතුන් හට ස්වර්ණමය අවස්ථාවකි.