දඹදිව වන්දනාවයි – සාප්පු සවාරියයි

Travel neth Dabadiwa wandhana

දඹදිව වන්දනාවේ යෙදෙන බැතිමතුන්ගේ ඉහළ අවධානය දිනාගත් අංගයකි සාප්පු සවාරිය.

මේ නිසාම බොහෝ චාරිකා සංවිධායකයින් තම චාරිකාව තුළ සාප්පු සවාරියේ යෙදීමට ප‍්‍රමුඛ ස්ථානයක් ලබා දීමට කටයුතු කරන ආකාරය අපට දැකිය හැක. මෙම චාරිකාව තූළ දී යම් යම් වටිනා මෙන්ම ප‍්‍රයෝජණවත් දෑ ඉතා අඩු මුදලට මිළදී ගැනීමේ හැකියාව පවතිනමුත් එය මනා සංවිධානාත්මකව සිදු කළ යුතු බව අපගේ වැටහීමයි.

එ් සඳහා තම වන්දනාකරුවන් යොමුකිරීම සංවිධායකයා සතු වගකීමකි. සිල් සමාදන් වීමකට හෝ යම් පූජාවකට හෝ සහභාගී වූ බැතිමතුන් සිල් ඇඳුම් පිටින්ම සාප්පු තුළට ගොස් සාරි, සුවඳ විලවුන්, විසිතුරු බඩු ආදිය මිළදී ගන්නා ආකාරය බුද්ධගයාව, බරණැස යන පූජ්‍ය භූමි ආශ‍්‍රිතව නිතරම පාහේ දැකිය හැකි දර්ශණයකි. මේ තත්ත්වය එතරම් යෝග්‍ය නොවේ.

එතුළින් අප රට පිළිබඳව ඇතිවන දර්ශනය එතරම් සුභවාදී නොවනු ඇත. එසේම අපගේ වන්දනාකරුවන් මෙම වෙළඳසැල් තුළ, භාණ්ඩ මිළදී ගැනීමේදී සිදුකරනු ලබන අක‍්‍රමිකතා බොහෝ වේ. ඉතා අවිධිමත් ආකාරයෙන් සිදු කරනු ලබන භාණ්ඩ කේවල් කිරීම, ඉන්දියානු වෙළෙදුන් සමඟින් ගැටුම් ඇතිකර ගැනීම. දෙරට අතර විනිමය වෙනස්කම් පිළිබඳව ප‍්‍රමාණවත් අවබෝධයකින් යුතු නොවීම යන කරුණු ප‍්‍රධාන වේ.

සංව්ධායකයන්ගේ සෘජු මැදිහත්වීම සහ සංවිධානාත්මක භාවය මෙයට වඩා යොමුවන්නේ නම් මෙම තත්ත්වය ඇති නොවේ. නොඑසේනම්, මේ සියලූම ක‍්‍රියාවන්ගෙන් දඹදිව වන්දනාව තුළ තිබිය යුතු අර්ථාන්විතබාවයට දැඩි සේ හානි වීම වළක්වා ගත නොහැකි වනු ඇත.

Leave a Reply

eighteen + eleven =