සියලූ බුදුවරයින් අත් නොහරින අවිජහිත පුණ්‍යභූමිය සංකස්ස

Travel neth Dabadiwa wandhana

නේත‍්‍රාභිවන්දනා අපගේ දින 13 වන්දනා චාරිකාව ආරම්භවන්නේ උතුම් සංකස්ස පුදබිමෙනි. උත්තර ප‍්‍රදේශ්හි පිහිටා තිබෙන මෙම පුදබිම කරා පැය 06ක පමණ කාලයක් තුළ ළ`ගා විය හැක. මෙතෙක් පහළ වූ සහ මතු පහළ වන සියලූම බුදුවරයන් වහන්සේලා විසින් අත් නොහරින අවිජහිත යැයි සම්මත පුණ්‍ය භූමි සතරක් දඹදිව දඹදිව්තලය තුළ පිහිටා තිබේ.
සෑම බුදුවරයෙකු විසින්ම තම මාතෘ දිව්‍ය රාජයාණන්හට විජම්බණ දේශණා කර, තව්තිසා දෙව්ලොව සිට මනුලොවට පැමිණෙන්නේ සංකස්සපුරයෙනි. මෙය මහත් ප‍්‍රාතිහාර්ය දනවන අත්‍යාලංකාරවත් අවස්ථාවකි. ශක් දෙවිදුන් පෙරටුකරගෙන පංචතූර්ය නාදය මධ්‍යයේ, විශ්වකර්ම දිව්‍ය රාජයාණන් විසින් නිමවන ලද රන්මුවා හිනිමගින් සම්බුදු පියාණන් මනුලොවට වැඩමවන්නේ මහත් හරසරිනි.
මේ අවස්ථාව දැක බලා ගනු පිණිස මනු ලොව වැසියන් දස දහස් ගණනින් එක් රොක් වෙති. ඔවුන් විසින් නගනු ලබන සාධු නාදය අකනිටා බඹලොව දක්වාම පැතිරී යන්නාක් මෙනි. මෙහිදී බුදුවරයන් වහන්සේලා විසින් තම බුද්ධ විෂයට අදාළ වන්නාවූ ලෝක විවරණ ප‍්‍රාතිහාර නම් එක් විශ්මිත ප‍්‍රාථිහාර්්‍යයක් පාන්නේය. එහිදී උන් වහන්සේලා විසින් එ් එ් ලෝකයන් හට අයත් වන්නාවූ සියළු සත්වයන් එ් එ් ලෝක විදාරණය කර දක්වා සිටී.
රැුස් වූ මනු ලෝ වැසියන් හට පේ‍්‍රත ලෝකය, සතර අපාය වැනි ස්ථානයන්හි දුක් විදින්නා වූ සත්වයන්ද දිව්‍ය බ‍්‍රහ්ම වැනි ලෝකයන්හි මහත් සැප සම්පත් විදින්නා වූ සත්වයන්ද මනාව දැක ගැනීමේ භාග්‍ය උදා වන්නේය. අශෝක නිරිඳුන් විසින් ඉදි කරන ලද මනරම් සංකස්ස චෛත්‍ය හා අශෝක ස්ථම්භය පසු කාලීනව මෝගල් වරුන්ගේ ප‍්‍රහාරයට ලක්වී විනාශයට පත් වන අතර වර්ථමානයේ පුදබිම හින්දු භක්තිකයන්ගේ ග‍්‍රහණයට නතුව පවතී. නමුදු චාරිකාව තුළ අප බැතිමතුන් හට සංකස්ස පුදබිම සිත්සේ වන්දනා කරගැනීමේ බාධාවක් නොමැත.

Leave a Reply

four − 3 =