ජාතියේ නාලිකාව නෙත් FM සමගින් ට්‍රැවල් නෙත් ඔබ වෙනුවෙන් සංවිධානය කරන දින 13ක සහ දින 08ක ආධ්‍යාත්මීය දඹදිව වන්දනා චාරිකාව

මෙම පින්බර චාරිකාව ඔබව අපහසුතාවයට පත් කරවන ආකාරයේ කිසිඳු දුම්රිය ගමනකින් තොරව සංවිධානය කර තිබේ. වන්දනාව වායු පීඩන බැලුන් සහිත සකස් කළ හැකි ආසනවලින් සමන්විත වායුසමීකරණය කරන ලද බස් රථයෙනි. නවාතැන්, ඔබට උණුවතුර ස්නානය කළ හැකි යාබද නාන කාමර සහිත සුවපහසු හෝටල්වල එක් කාමරයක දෙදෙනා බැගින් සැපයේ. ආහාර පාන ශ්‍රී ලාංකික ක්‍රමයට පිළිගැන්වේ. බීමට බෝතල් කළ පානීය ජලය සැපයේ. මෙය දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සහිත සැබෑම වූ වන්දනා චාරිකාවකි.

මෙම සුපින්බර වන්දනාවේ යෙදෙන සැදැහැවතුන් සඳහා උසස් වන්දනාවක් වෙනුවෙන් අවශ්‍ය උපදෙස්,

විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම. (Passport)

  • වයස අවු.60ට වැඩි වන්දනාකරුවන් සඳහා පමණක්  තාවකාලික ගමන් බලපත්‍රයක් සකස් කර දිය හැක. (එය දඹදිව වන්දනා චාරිකා සඳහා පමණක් වලංගු වේ.).
  • ඔබට විදෙස් ගමන් බලපත්‍රයක් නොමැති නම් එය ලබා ගැනීමට අවශ්‍ය උපදෙස්.
    • ඒ සඳහා ඔබගේ උප්පැන්න සහතිකයේ මුල්පිටපත සහ ඡායා පිටපත් දෙකක්.
    • ජාතික හැඳුනුම්පත සහ එහි සම්පූර්ණ ඡායා පිටපත් දෙකක්.
    • අනුමත ඡායාරූපශාලාවලින් ඡායාරූප ගෙන ඒ සඳහා ඔබට ලැබුණු ඔබේ ඡායාරූපය සහ අනු අංකය මුද්‍රිත රිසිට්පත.
    • කල්ඉකුත් වූ විදෙස් ගමන් බලපත්‍රයක් ඔබ සතු නම් එම ගමන් බලපත්‍රය යන ලියවිලි ඉදිරිපත් කළ යුතුය.

ඉන්දීය සහ නේපාල් වීසා ලබා ගැනීම

ඉන්දියාව සහ නේපාලය සඳහා අප විසින් වීසා ලබා ගැනීම සිදු කරන අතර ඒ සඳහා ඔබ පහත දැක්වෙන ලියකියවිලි අප වෙත ඉදිරිපත් කළ යුතුයි.

    • මාස 06කට වඩා වලංගුතාවයක් සහිත විදෙස් ගමන් බලපත්‍රයක්.
    • ඔබට කල් ඉකුත් වූ ගමන් බලපත්‍රයක් තිබේ නම් එයද ඉදිරිපත් කළ යුතුයි.
    • කල් ඉකුත් වූ ගමන් බලපත්‍රය අස්ථාන ගතවී ඇත්නම් එහි අංකය සඳහන් පොලිස් වාර්තාවක්.
    • වීසා ප්‍රමාණයේ 5cmX5cm වර්ණ ඡායාරූප 04ක්. පසුතලය සුදු පැහැති විය යුතුය. ඔබ උපැස් යුවලක් පළඳින්නේ නම් ඡායාරූප ගැනීමේදී එය ඉවත් කරන්න.
    • ජාතික හැඳුනුම්පතේ සම්පූර්ණ ඡායා පිටපත් එකක් හෝ උප්පැන්න සහතිකයේ පිටපත්.
    • ඒ දෙකම ඔබ සතුව නොවේ නම් පදිංචිය තහවුරු කළ ග්‍රාම නිලධාරී සහතිකයක්.
    • වයස අවු 70 හෝ ඊට වැඩි නම් වෛද්‍ය සහතිකයක්.

විදෙස් ගමන් බලපත්‍රය සැදීමට සහ වීසා ලබා ගැනීමට සති 06ක පමණ කාලයක් ගතවන බැවින් අවශ්‍ය ලියකියවිලි හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට කාරුණික වන්න.

මුදල් ගෙවීම.

  • ඔබ අපත් සමග වන්දනා චාරිකාවේ යෙදීමට තීරණය කිරීමෙන් පසු අදාළ මුලු මුදලින් රුපියල් 15.000/= ක් (පහළොස්දහසක්) ගෙවා ඔබගේ ගුවන් ආසනය ස්ථීර කර ගත යුතුය.
  • වන්දනා චාරිකාව පිටත් වීමට නියමිත දිනට සති 04කට පෙර සියලුම මුදල් ගෙවා නිම කළ යුතුය.
  • ගෙවීම් සඳහා මුදල් මෙන්ම මුදල්මය චෙක්පත් (Cash cheque) ඔබට භාවිත කළ හැක.
  • ඔබ අපගේ ගිනුම් අංකය භාවිත කරන්නේ නම් ඒ සඳහා සම්පත් බැංකුව බොරැල්ල ශාඛාව 000410023369 යන ගිණුම් අංකය භාවිත කරන්න. එහිදි මුදල් තැන්පත් කළ රිසිට්පත 0112 864 264 යන අංකයට ෆැන්ස් කළ යුතු බව කරුණාවෙන් සළකන්න.
  • ඔබට යොදාගත් දිනට වන්දනාවේ යෙදීමට නොහැකි නම් එම දිනට සති 03කට පෙර ඒ බව අප වෙත පැමිණ දන්වා මුදල් ගෙවූ රිසිට් පත ඉදිරිපත් කළ වන්දනාව සඳහා වෙනත් දිනයක් ලබා ගැනීම හෝ මුදල් ආපසු ලබා ගැනීම කළ යුතු වේ. එසේ නොකළ හොත් ඔබ ගෙවූ මුදලින් රුපියල් 15.000/= ක් (පහළොස්දහසක්) ඔබට අහිමි වනු ඇත. එම කාලය වන විට ඔබගේ ගුවන් ප්‍රවේශ පත්‍රය නිකුත් වී තිබේ නම් එය අවලංගු කිරීමට හෝ වෙනත් දිනයකට මාරු කිරීමට අයවිය යුතු මුදලද ඔබ විසින් දැරිය යුතු වේ.
  • සියලුම කාර්යාල කටයුතු සඳහා මුදල් ගෙවූ රිසිට්පත් ඉදිරිපත් කළ යුතු බව කරුණාවෙන් සළකන්න.

වන්දනා චාරිකාව තුළදී

  • මත්පැන් සහ දුම්පානය කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැලකී සිටිය යුතු වේ.
  • වන්දනා චාරිකාව පුරා චාම් ඇඳුමකින් සැරසී සිටීම යෝග්‍ය වන අතර සතර ස්ථාන සඳහා සම්පූර්ණ සුදු ඇඳුමින් සැරසිය යුතු වේ. සිල් ඇඳුම අප විසින් දන්වා ඇති පරිදි නිමවා ගත යුතුය.
  • ඔබගේ බඩු බාහිරාදිය හැකි පමණ අවම කර ගැනීමට පියවර ගන්න.
  • වන්දනා චාරිකාව සඳහා අප විසින් සපයා ඇති කිලෝග්‍රෑම් 20ක් ගෙනයා හැකි බෑගය සහ අත් බෑගය පමණක් භාවිතා කරන්න. කාන්තාවන්හට කුඩා අත්බෑගයක් භාවිතා කළ හැක.

ඔබ විසින් රැගෙන ආ යුතු දෑ

  • අප විසින් දන්වා ඇති පරිදි නිමවා ගත් සිල් ඇඳුම් කට්ටල දෙකක්.
  • දින 13කට සෑහෙන තරම් අනෙකුත් ඇඳුම්. (ගමන අතරතුරදී රෙදි සෝදා වේලා ගත හැක)
  • සීත දේශගුණයට උචිත ඇඳුම් කට්ටලයක්.
  • බිම වාඩිවීමට පොලිතීන් හෝ රෙක්සින් ප්‍රමාණයක්.
  • අවශ්‍යනම් කුඩා හකුලන පුටුවක් රැගෙන ආ හැක.
  • නයිලෝන් ලණුවක් සහ ක්ලිප්ස්.
  • කෑම ඔතන කොළ (Lunch sheets) සහ අතපිස්නා (Paper servettes)
  • කුඩා උණුවතුර බෝතලයක්.
  • පිඟානක්, කෝප්පයක්, හැන්දක්. (පිඟාන හා කෝප්පය නොබිදෙන ඒවා විය යුතුය)
  • කුඩා විදුලි පන්දමක්, කුඩයක්, කුඩා ඉබි යතුරක් සහ කුඩා පිහියක් (පිහිය අත්බෑගයට නොදමන්න)
  • සබන්, දත් බෙහෙත් සහ රෙදි සෝදන කුඩු.
  • පැනඩෝල්, සිඬාලේප, පස්පංගුව වැනි ස්වල්පයක්.
  • ඔබ දිනපතා භාවිත කරන ඖෂධ තිබේ නම් එම ඖෂධ.
  • මුව ආවරණයක් (Mask)
  • සාංඝික දානය සඳහා ගල්වැලි ඉවත් කළ රතු කැකුළු සහල්, පොල්කිරි පැකට්, කජු, සුදුළුණු වැනි දානයට අවශ්‍ය දෑ ඔබගේ කැමැත්ත පරිදි යම් ප්‍රමාණයක් රැගෙන ආ හැක.
  • ඔබට අවශ්‍ය නම් කල්තබාගෙන අනුභව කළ හැකි රසකැවිලි වර්ගයක් හෝ දෙකක් හා කට්ට සම්බෝල ස්වල්ප වශයෙන් රැගෙන යා හැක.
  • අටපිරිකර රැගෙන යෑම අවශ්‍ය නොවේ. ඒවා පහසුවෙන් ඉංදියාවේදී ලබා ගත හැක.
  • බුද්ධගයාවේ ජයසිරිමහා බෝධියට, ජේතවනාරාමයේ ආනන්ද බෝධියට, කෘෂිනාරාවේදී පිරිනිවන් මංචකයට පූජා කිරීම පිණිස සිවුරු පිරිකර 03ක් රැගෙන යෑම ඉතා වැදගත් වේ.
  • ඉන්දියාවේදී ඉන්දීය රුපියල් බවට මාරු කර ගැනීම පිණිස අමෙරිකානු ඩොලර් ඔබට අවශ්‍යතරමට පමණක් රැගෙන යන්න. (ශ්‍රී ලංකාවේ මුදල් ඉන්දියාවට රැගෙන යෑම ඉතා අවාසි දායකය)
  • ඔබගේ වටිනා ස්වර්ණාභරන පමණ ඉක්මවා පැළඳගෙන යෑමෙන් වලකින ලෙස ඔබට සිහිපත් කරන්නෙමු.
  • පොල්තෙල් රැගෙන යෑමෙන් වලකින්න. හඳුන්කූරු සහ ඉටි පන්දම් ස්වල්පයක් රැගෙන යා හැක.