
1 වන දිනය කොළඹ දිල්ලිය
ආගමන-විගමන කටයුතු නිමවා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පිටත් වී නවදිල්ලි නුවරට ළඟා වීම. නවදිල්ලියේ වෙන්කර තිබෙන හෝටලයට ගොස් විවේක ගැනීම.
අනතුරුව මුදල් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසේ. පසුව තිස්ස ජයවර්ධන මහතාගෙන් ඉදිරි වන්දනාව පිළිබඳව තොරතුරු ලබාගෙන ඒ සඳහා සූදානම් වීම.

2 දිනය දිල්ලිය – සංකස්ස – කාන්පූර්

3 දිනය කාන්පූර් වරණාසි
කාන්පූර් නගරයෙන් පිටත්ව වරණාසි බලා පැමිණේ. වරුණ සහ අසී යන මනරම් ගංගා දෙකට මැදිව පිහිටීම නිසා මෙම රමණීය භූමි භාගය වර්ණාසි නම් වේ. මෙය අතිශය ප්‍රියජනක දැකුම්කළු ප්රදේශයකි. මෙම භූමියේ මිගදාය පිහිටා තිබේ.මෙය බුදුන් වහන්සේ විසින් දේශිත උතුම් සතර ස්ථානයන්ගෙන් එක් ස්ථානයකි. එමෙන්ම සියලුම බුදුවරයන් වහන්සේලා විසින් අත්නොහරින අවිජහිත ස්ථානයකි. සියලුම බුදුවරයන් වහන්සේලා තුන් ලොවක් සනසාලන දම් අමා බෙරය වැයීමට මෙම උතුම් පුණ්‍ය භූමිය ම තෝරා ගනිති. මූලගන්ධකුටි විහාරය – සම්මුඛ චෛත්‍යය – ධම්මික චෛත්‍යය – ධර්මරාජික චෛත්‍යය ඇතුළු ඓතිහාසික පූජනීය ස්මාරක රැසක් ඔබට මෙහිදී නැරඹීමටත් වන්දනා කිරීමටත් අවකාශ ලැබේ.
සන්ධ්‍යාවේ නව මූලගන්ධ කුටි විහාරයේ දම්සක් පැවතුම් පැවතුම් සූත්‍ර සජ්ජායනාව සහභාගි වීමට ඔබට හැකිය.

4 දිනය වර්ණාසි – බුද්ධ ගයා
උතුම් බුද්ධගයා භූමියට ලඟාවේ. මෙම ප්‍රදේශය බුද්ධ මණ්ඩලය යනුවෙන් හඳුන්වනු ලැබේ. ලොව පහල වූ සියලුම බුදුවරයන් වහන්සේලා උතුම් සම්බෝධියට පත් වූයේ මෙම ආශ්චර්යවත් බුද්ධගයා භූමියේදීමය. මෙය දසමරුන් පැරද වූ උත්තම ජය භූමියයි. සතර ස්ථානයන්ගෙන් අග්‍රම ස්ථානය වන බුද්ධගයාව සියලු බුදුවරයන් වහන්සේ විසින් අත්නොහරින අවිජහිත ස්ථානයක්ද වේ. මෙම පාරිශුද්ධ භූමියට පිවිසෙන කාගේ වුවද සිත වහා සමාධියට පත්කරවන සුළු බලයකි.
බුද්ධගයාවට පැමිණි පළමු දිනයේ දී සිදුහත් තවුසාණන් දුෂ්කර ක්‍රියා කළ දුර්ගේශ්වරියේ පිහිටි ලෙන, සුජාතාගම, කිරිපිඩු පූජා කළ ස්ථානය ,කුස තණ පූජාකල ස්ථානය යන පූජනීය ස්ථාන වන්දනා කරනු ලැබේ.

5 වන දිනය බුද්ධගයා

6 වන දිනය බුද්ධගයා – රජගහ – නාලන්දා

7 දිනය බුද්ධගයා – විශාලාව – කුශිනාරාව

8 වන දිනය කුසිනාරාව – ලුම්බිණි (නේපාල්)
ගෞතම බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්වයන් හට අපමණ කරුණාවෙන් යුතුව පන්සාළිස් වසක් පුරා සිදුකළ බුද්ධ කෘත්‍ය නිමාකර අනිත්‍ය දහම තව තවත් තම ශ්‍රාවකයන්ට පසක් කරමින් ධර්ම සංවේග දනවා පිරිනිවන් පා වදාළ උපවර්තන සාල වනෝද්‍යානයේ පිහිටි පිරිනිවන් මංචකය වන්දනා කිරීමේ භාග්‍යවත් අවස්ථාව මෙදින උදෑසන ඔබට හිමිවේ. ඉන්පසු ව පරිනිර්වාණ චෛත්‍යය, ආදාහන චෛත්‍යය, යන සම්බුදු පිරිනිවීමට අදාළ අනෙකුත් පූජනීය ස්ථාන දැකබලා පහන් සිතින් වන්දනා කර ගැනීමට ඔබට අවස්ථාව උදාවේ. පසුව නේපාලයේ පිහිටි ලුම්බිණිය බලා පිටත් වේ.
ඉන්දියා නේපාල දේශ සීමාවට ළඟා වී ආගමන විගමන කටයුතු නිමවා නේපාල දේශයට ඇතුළු වේ. ඉන්පසුව ඔබට අප භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ සිදුහත් කුමරුන් ලෙසින් මනු ලොව උත්පත්තිය ලැබූ ඒ පාරිශුද්ධ භූමිය දැක බලා වන්දනා කර ගැනීමේ භාග්‍යය උදා වේ.

9 වන දිනය ලුම්බිණි -කපිලවස්තු -සැවැත්නුවර
නේපාල ඉන්දියා දේශ සීමාවට ළඟා වීම. ආගමන විගමන කටයුතු නිමවා ඉන්දියා දේශයට ඇතුළු වේ. පළමුව කපිලවස්තුපුරය වන්දනා කෙරේ. දිල්ලි කෞතුකාගාරයේ කපිලවස්තු ධාතූන් වහන්සේලා වැඩවෙසෙන කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා සහිත පිපිරහවා ධාතු මංජුසාව ලැබෙනුයේ ද කපිලවස්තු වෙනි. නිග්‍රෝධාරාමය ඔබට මෙහි දී වන්දනා කර ගත හැක. ඉන්පසුව සැවැත් නුවර බලා පිටත්වේ. සැන්දෑවේදී ගන්ධබ්බ චෛත්‍යය, අංගුලිමාල චෛත්‍යය, අනේපිඬු සිටු මාළිගයේ නටබුන් යන ස්ථාන ඔබට වන්දනා කර ගත හැක.

10 දිනය සැවැ නුවර

11 වන දිනය සැවැත්නුවර – අග්‍රා
සැවැත් නුවරින් අලුයම අග්‍රා කරා පිටත් වූ මෙය තරමක් දීර්ඝ චාරිකාවකි. සවස ඔබට ලෝක පූජිත මහා කිරිගරුඬ නිර්මාණයක් වන ටජ් මහල් ප්‍රාසාදය යමුනා ගංගා තීරයේ සිට නැරඹීමට අවස්ථාව උදාවෙයි. ඔබ කැමති නම් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ටජ් මහලට ඇතුළු වී එය සමීපව නැරඹිය හැක.
පසුව අග්‍රා නගරයේ පිහිටි වෙළෙඳ පොළෙන් ඔබට අවශ්‍ය විසිතුරු භාණ්ඩ සපත්තු වැනි දෑ මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.

12 වන දිනය
අග්‍රා සිට දිල්ලිය බලා පිටත් වේ. ඉතා දැකුම්කළු යමුනා අධිවේගී මාර්ගය ඔස්සේ සිදුකරන මෙම ගමන ඔබට සුන්දර අත්දැකීමක් වනු ඇත.
දිල්ලිය වර්තමාන ඉන්දියාවේ අග නගරයයි. පරිපාලනය අගනගරය හා වාණිජ අගනගරය මෙහි පිහිටා තිබේ. බුද්ධ කාලයේ මෙය කුරුරට වශයෙන්ද වෛදික යුගයේ ඉදිපත් නුවර වශයෙන්ද හදුන්වා තිබේ. එහිදී ඔබට දිල්ලි නගරයේ සිරිය අත්විඳිමින් නවාතැන් ගන්නා හෝටලයට ළඟා විය හැක.
දිල්ලි ජාතික කෞතුකාගාරයේ වැඩ සිටින ද්‍රෝණයක් වන කපිල වස්තු සර්වඥ ධාතුන් වහන්සේලා නෙත් පුරා දැක බලාගෙන වන්දනා කිරීමේ භාග්‍යය ඔබට උදාවේ. එය ඔබගේ ජීවිතයේ භාග්‍යවත් වූ මොහොතක් වනු ඇත. බුදුන්වහන්සේ විසින් සතර සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන ලද කම්මාසධම්ම නම් පූජනීය ස්ථාන වන්දනා කර ගැනීමට ද ඔබට හැකියාව ලැබේ. ඉන්පසුව දිල්ලියේ සාප්පු සවාරියක යෙදීමේ අවස්ථාවකි.
