photo Travel neth Dabadiwa wandhana

1 වන දිනය කොළඹ – ගයා

ආගමන විගමන කටයුතු නිමවා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් නික්මී ගයා ජාත්‍යන්තර ගුවන්තොටුපළට ලඟාවේ. ගයා ගුවන්තොටුපළ එතරම් කාර්යබහුල නොවූ ගුවන් තොටුපොළකි.

මෙම ගුවන් තොටුපළට පැමිණෙන්නේ දඹදිව වන්දනාවේ යෙදෙන අප රටේ මෙන්ම තායිලන්තය, මියන්මාරය, ලාඕස් වැනි බෞද්ධ රටවල වන්දනාකරුවන් පමණි. ආගමන විගමන කටයුතු නිමවා නවාතැන් ගන්නා හෝටලයට ගොස් මද වෙලාවක් විවේක ගත හැක.

දිවා ආහාරයෙන් පසුව බෝසතාණන් වහන්සේ සය වසරක් දුෂ්කර ක්‍රියා කළ උරුවෙල ජනපදයේ පිහිටි දුර්ගේෂ්වරී ලෙන සහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පෙර කිරිපිඬු වැළදූ සුජාතා ගම, අජපාල නුග රුක, කුසතණ පූජා කළ ස්ථානය යන ස්ථාන වන්දනා කරනු ලැබේ .

නවාතැන් ගයා

photo Travel neth Dabadiwa wandhana

2 වන දිනය ගයා – කුශිනාරානුවර

බුද්ධගයාවේ සිට අලුයම පිටත් වී පළමුව රජගහනුවර වන්දනා කරනු ලැබේ. එහිදී ඔබට ගිජුකුළු පව්ව, සප්තපර්ණි ගුහාව,බිම්බිසාර සිරමැදිරිය යන ස්ථාන වන්දනා කර ගත හැක. පසුව විශාලා මහ නුවර වන්දනා කරගෙන කුශිනාරාවට ළඟා වේ.

මෙම ගමන අතරතුරදී ඔබට පාටලීපුත්‍ර නම් ඉපැරණි බෞද්ධ නගරය දැක ගැනීමට හැකි වේ. මෙම නගරය මැදින් සුන්දර ගංගානම් නදිය ගලා බසී.

නවාතැන් කුශිනාරා නුවර

photo Travel neth Dabadiwa wandhana

3 වන දිනය කුශිනාරා – ලුම්බිණි

උදෑසන අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ උපවත්තන සාල වනෝද්‍යානයේ පිහිටි පිරිනිවන් මංචකය, පරිනිර්වාණ චෛත්‍යය, ආදාහන චෛත්‍යය, වන්දනා කර නේපාල දේශයට ඇතුළු වේ.

එහිදී භාග්‍යවතුන් වහන්සේ සිදුහත් බෝසතාණන් විසින් මනු ලොව උපත ලැබූ අසිරිමත් ලුම්බිණි සල් උයන නෙත් පුරා දැක පහන් සිත් උපදවා ගෙන වන්දනා කර ගැනීමට භාග්‍යය උදා වේ.

එහි දී ඔබට මේ මිහිමත සිදු වූ ආශ්චර්යත්ම සිදුවීම වන සම්බුදු උපත සිදු වූ ස්ථානය සියැසින් දැක ගැනීමට හැකි වනු ඇත. මෑතකදී සිදුකළ පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් ද තහවුරු කරගත් බෝසතාණන් වහන්සේ පළමුව පා තැබූ ස්ථානය සැදැහැවතුන් ගේ  උත්තම වන්දනය සඳහා විවෘතව පවතී.

නවාතැන් ලුම්බිණි

photo Travel neth Dabadiwa wandhana

4 වන දිනය ලුම්බිණි කපිලවස්තු සැවැත්නුවර

ඉන්දියා නේපාල සීමාවට පැමිණ ආගමන විගමන කටයුතු නිමවා කපිලවස්තු පුරයට ලගාවේ. එහිදී ඔබට ශාක්‍ය ජනපදයේ නටබුන් දැක බලා ගැනීමටත්, නිග්‍රෝධාරාමය වන්දනා කර ගැනීමටත් අවස්ථාව ලැබේ. ඉන්පසුව සැවැත්නුවර බලා පිටත් වේ.එදින සවස ගන්ධබ්බ චෛත්‍යය, අංගුලිමාල චෛත්‍ය, අනේපිඬු අනේපිඬු සිටු මාළිගය යන ස්ථාන නැරඹීමටත්, වන්දනා කර ගැනීමටත් අවස්ථාව උදාවේ.

නවාතැන් සැවැ නුවර

photo Travel neth Dabadiwa wandhana

5 වන දිනය සැවැත්නුවර

මෙම උතුම් පුණ්‍ය භූමියේදී ඔබට අෂ්ඨාංග උපෝසථ සීලය සමාදන් වීමේ උත්තම භාග්‍යය උදාවේ. සැවැත් නුවර පිහිටි ජේතවනාරාමය යනු බුදුරජාණන් වහන්සේ දහනම වසරක් වැඩ සිටි අතිශය පාර්ශුද්ධ ස්ථානයයි.

මෙහි උන්වහන්සේගේ වාසස්ථානය වූ දිව්‍යරම්‍ය මාළිගය හෙවත් දෙව්රම් වෙහෙර පිහිටා තිබිණි. මෙය සියලු බුදුවරයන් වහන්සේලා විසින් අත් නොහරින අවිජහිත ස්ථානයකි. සුගන්ධ කුටිය යන නමින්ද හඳුන්වන එහි පාදම පමණක් වර්තමානයේ ශේෂව පවතී. බුදුන් දවස සිට වැඩසිටින ආනන්ද බෝධීන් වහන්සේ සිත්සේ වන්දනා කරගැනීමට ඔබට භාග්‍යය උදාවෙයි.

උතුම් සර්වඥ ධාතු ප්‍රදර්ශනයක් ද වන්දනාවේ. සාංඝික දානය පිරිනැමීමට සහ අටපිරිකර පූජා කිරීමට ද ඔබට අවස්ථාව තිබේ.

නවාතැන් සැවැත් නුවර

photo Travel neth Dabadiwa wandhana

6 වන දිනය සැවැත්නුවර බරණැස

සැවැත් නුවරින් පිටත් වී බරණැසට ළඟා වේ. මෙම ප්‍රදේශය අතීතයේ බාරාණසී විය.වරුණ සහ අසී යන ගංගා දෙක ප්‍රදේශය මැදි කරගෙන ගලා බසින නිසා මෙම රමණීය භූමි භාගයට වරණාසි නමින් ව්‍යවහාර කෙරේ. සියලු බුදුවරයන් වහන්සේලා තම මංගල ධර්ම දේශනය පවත්වන්නේ මේ උතුම් බුද්ධ භූමියේදීමය. මෙය අවිජහිත ස්ථානයක් මෙන්ම සතර ස්ථාන වලටද ඇතුලත් වේ. ධර්මරාජික ස්ථූපය, ධම්මික ස්ථූපය, පැරණි මූලගන්ධකුටි විහාරය, නව මූලගන්ධකුටි විහාරය යන පූජනීය ස්ථාන රැසක් ඔබට මෙහිදී මෙහිදී වැඳපුදා ගැනීමට භාග්‍යය උදාවේ. සන්ධ්‍යාවේ බුද්ධගයාව බලා පිටත් වේ.

නවාතැන් ගයා

photo Travel neth Dabadiwa wandhana

7 වන දිනය බුද්ධගයා

මෙදින ඔබට තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පස්මරුන් පැරද වූ විජය ශ්‍රී වජ්‍රාසන භූමියේ අෂ්ඨාංග උපෝසථ ශීලය සමාදන් වීමේ උතුම් භාග්‍ය උදාවේ.

දිනය පුරා ඔබට සමථ, විදර්ශනා භාවනා වැඩීමටත්, ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සෙවනේ සමවත් සුවයෙන් ගත කිරීමටත් අවස්ථාව තිබේ. කිරිපිඩු පූජා, සාංඝික දාන, අටපිරිකර පූජා, සත්සති වන්දනාව යන පුණ්‍ය ක්‍රියා හට ඔබට දායක වීමට අවස්ථාව සැලසේ. ඔබ සිත් සතන් පහන් කරනු ලබන වජ්‍රාසන වන්දනාවක් ද වේ ..

නවාතැන් ගයා

photo Travel neth Dabadiwa wandhana

8 වන දිනය ගයා – කොළඹ

උදෑසන ගයා ජාත්‍යන්තර ගුවන් තොටුපළ කරා පිටත් වේ. ආගමන විගමන කටයුතු නිමවා ශ්‍රී ලංකාව බලා ගුවන්ගත වීමට ඔබට හැක.

  • සාමාන්‍ය පංතියේ ගුවන් ටිකට් පත.
  • නවාතැන් එක් කාමරයක තිදෙනුක බැගින් යාබද නාන කාමර පහසුකම් සහිත උසස් හෝටල් වල සැපයීම .
  • ආහාරපාන සෞඛ්‍යාරක්ෂිතව දේශීය ආකාරයට සකසා පිළිගැන්වීම.
  • ප්‍රවාහනය සඳහා වායුසමීකරණය කළ බස් සේවය.
  • වන්දනාව මෙහෙයවීම සහ සේවක මණ්ඩලයක සේවය සැපයීම.
  • සිද්ධස්ථාන සඳහා ඇතුළත්වීමේ ගාස්තු.
  • වීසා පහසුකම්.
  • ආයතන පරිශ්‍රයේ සිට ගුවන්තොටුපල දක්වා ප්‍රවාහන පහසුකම් සැපයීම.
  • 20Kg ගෙනයා හැකි බෑගයක්,අත් බෑගයක් සහ වන්දනා චාරිකාවේ DVD තැටියක්.
  • රාක්ෂණාවරණයක්.

  • ළගදීම බලාපොරොත්තු වෙන්න

  • ළගදීම බලාපොරොත්තු වෙන්න